කඳුරටට මහ වැහි : රජරටට උතුරට බොන්න වතුරත් නෑ


දින හයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑයුම් ප්‍රදේශයට ඇද හැලෙන වැසිත් සමග කැනියොන් හා ලක්ෂපාන ජලාශවල වාන්දොරටු තුන බැගින් විවෘත කර ඇත.

ඉහළ කොත්මලේ වාන් එක වාන් දොරටුවක් විවෘත කර ඇත.

මාඋස්සාකැලේ ජල මට්ටම අද සවස පහ වන විට පිටාර මට්ටමට අඟල් නවයක් අඩුවෙන් පැවැතියේය.

කාසල්රී පිටාර මට්ටමට අඩි තුනක් අඩුවෙන් පිරී ඇත.

විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් හා කොත්මලේ උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරේ.

කැලණි ගඟේ ජල මට්ටම ද ඉහළ යා හැකි බව නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

නුවර එළිය - හැට්න් හා හැටන් - කොළඹ මාර්ගවල දැඩි මීදුමක් පවතී.

මේ අතර  රජරට හා උතුරේ දිස්ත්‍රික් රැසක දහස් ගැමියනට පානීය ජලය පවා සොයා ගැනීමට බලවත් ප්‍රශ්නයක් වී ඇත.

20140131062112.MTS_snapshot_00.00_[2014.08.03_18.23.14] DSC01242 DSC02857

DSC01026

IMG_2283 IMG_2300