කඳුකරෙන් ජල විදුලිය අඩුවේ


ජාතික විදුලිබල පද්ධතියට අයත් මාවුස්සා කැලේ ජල ධාරීතාව 15% දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.

 මේ අතර මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයද ප්‍රයෝජනයට ගනිමින් මාවුස්සාකැලේ ජලාශයේ සිට ලක්ෂපාන නව විදුලිබලාගාරය දක්වා ජලය ගෙන යන උමං මාර්ගය වසර 35 කට පසු නඩත්තු කිරීම් කටයුතු අරඹා ඇතැයිද මණ්ඩලය සඳහන් කරයි.

ඒ සඳහා මාසයක් පමණ ගත වනු ඇත.

ඒ කාලයේදී ලක්ෂපාන කැනියන් හා නව ලක්ෂපාන ජලාශ වලින් විදුලිය නිෂ්පාදනය නොකරන බවත්  මණ්ඩලය කියයි.

කාසල්රී ජලාශයේ ධාරිතාව 55% ක් බවත් එහි ජල විදුලිය නිපදවන බවත් මණ්ඩලය පවසයි.

මේ අතර කැලණි තිස්ස තාප බලාගාරයද ,නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයද රන්දෙනිගල හා රන්ටැඹේ විදුලි බලාගාර ද  නොයෙක් කාර්මික හේතු මත විදුලිය නිෂ්පාදනය නවත්වා ඇත.

එහෙත් විදුලි කප්පාදුවක්  නොකරන බවද  මණ්ඩලය කියයි.