කඳුකරයේ මැයි දිනය නෑ : 20න් සාධාරණය ඉල්ලති


කඳුරට ජනතා පෙරමුණ මෙවර මැයි දින රැලිය නොපවත්වා රජය මගින් ගෙන ඒමට අපේක්ෂිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කඳුරට දමිළ ජනතාවට සාධාරණය ඉටුවන ලෙස මැතිවරණ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පවසමින් පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් අද (01) උදෑසන හැටන් නගරයේදී පැවැත්වීය.

කඳුරට ජනතා පෙරමුණේ මහලේකම් ඒ.ලෝරන්ස් මහතා සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට වතුකරයේ දමිළ ගුරු පෙරමුණ ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර ඔවුහු හැටන් නගර මධ්‍යයේ සිට බස්නැවතුම්පළ වෙත ගොස් එහිදී උද්ඝෝෂණයක්ද පැවැත්වුහ.

දමිළ ජනතාව නියෝජනය කිරීම සඳහා මුළු දිවයිනෙන්ම මන්ත‍්‍රීවරුන් දහඅට දෙනෙකුට අවස්ථාව ලැබිය යුතු බවයි. තවද මෙයට සමගාමීව පළාත් සභා හා පළාත් පාලන ආයතන වලද මන්ත‍්‍රීවරුන් වැඩි විය යුතු බවත් කේවල ක‍්‍රමය අනුව මෙම මන්ත‍්‍රීවරුන්ගේ වැඩිවීම සිදුවිය යුතු බවත් 1948 වර්ෂයේදී කඳුකරයේ ජනතාවට සිදුවූ අසාධාරණය මෙම මැතිවරණ ප‍්‍රතිසංස්කරණයේදී සිදුනොවිය යුතු බවත් කඳුරට ජනතා පෙරමුණේ මහලේකම්වරයා එහිදී කීවේය. උද්ඝෝෂණයට කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක‍්‍රිෂ්ණන් මහතාද සහභාගීවිය. 

DSC_0518 DSC_0522 DSC_0526 DSC_0541   

DSC_0108 DSC_0145 DSC_0176 DSC_0186