කඳු රටට යළි වැසි


 මධ්‍යම කඳූකරයට යළි මහ වැසි ඇද වැටීමත්  සමඟම වසා දැමුණු ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු යලිත් අද   පස්වරුවේ විවෘත කෙරිණි. 

මේ අනුව ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘතකර ඇති අතර පවතින වර්ෂාව වැඩිවුවහොත් තවත් වාන් දොරටු කීපයක් විවෘත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමඟම කොත්මලා ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.

 DSC05577 DSC05582 DSC05584 DSC05585 DSC05586