කඳවුරු බිම් ආපසු ඉල්ලයි


කිලිනොච්චිය ඇතුළු උතුරේ කඳවුරු පිහිටි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් මුල් පදිංචිකරුවනට භාර දෙන ලෙස බල කරමින් දෙමළ ජාතික සන්ධානය කිලිනොච්චි නගරයේ අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

සාමාන්‍ය වැසියනට ආරක්ෂක වෙතින් එල්ල වෙතියි කියන බාධා අවසන් කරන ලෙස ද දෙමළ ජාතික සන්ධානය කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්, උතුරු පළාත් මන්ත්‍රී එම් කේ ශිවාජලිංගම්, උතුරු පළාත් අධ්‍යාපන ඇමැති පී කුරුකුල රාජා, කෘෂිකර්ම ඇමැති පී අයිදරනේෂන් මහත්වරු ද විරෝධයට එක්වූහ.