කඳන් ලොරිය සුපිරි මඟේ පෙරැළේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අට වැනි සැතපුම් කණුව අසලදී ලොරියක් පෙරැළී වලස්මුල්ලේ අයකු මරණයට පත්වී තිදෙනෙක් තුවාල ලැබූ බව කහතුඩුව පොලීසිය කියයි. ගොඩනැගිලි ද්‍රව්‍ය පටවාගත් ලොරියේ ටයරයක් පිපිරී ලොරිය උඩු අතට පෙරළී ගියේය. අධිවේගී මාර්ගයේ දෙවැනි මාරක අනතුර මෙයයි.