කඳ සුරිඳු නගර සභා ආදායම සරු කරති


යාපනයේ නල්ලූර් කන්දසාමි හින්දු කොවිලේ වාර්ෂික දේව මංගල්‍යයෙන් යාපනය මහ නගර සභාවට රුපියල් එක්කෝටි අනූ දෙලක්‍ෂ හැත්තෑදහස් හත්සිය දහසයක ආදායමක් උපයාගෙන ඇත

පසුගිය වසරේ පැවති ආදායමට වඩා මේ වසරේදී පැවති මංගල්‍යයෙන් මහ නගර සභාවේ ආදායම  29.45කින් ඉහළ ගොස් තිබේ

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය,දැන්වීම් පුවරු ප‍්‍රචාරය,වෙනත් සේවා සදහා රුපියල් හැත්තෑ පන්ලක්‍ෂ පනස්හත් දහස් තුන්සිය පනස් අටක මුදලක් වැය වී ඇත.

තාවකාලික වෙළදසල්,යතුරුපැදි රථවාහන ආරක්‍ෂක ගාල්, ප‍්‍රචාරක දැන්වීම් පුවරු,ආයුර්වේද බෙහෙත් හා සඟරා අලෙවියෙන් හා යටිතල පහසුකම් සලසා දීමෙන් මෙම ආදායම හිමිවී ඇත