ලබන මස (ජුනි) 30 වැනිදා බෲනායි රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස සේමිනි ද අල්විස් පත් කර තිබේ. ඇය පසුගිය වසරේ කොළඹදී පැවති ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේද කී‍්‍රඩා කළ කී‍්‍රිඩිකාවකි.
උප නායිකාව ලෙස ගයනි දිසානායක නම් කර තිබේ.
නායිකාව සහ උපනායිකාව මෙන්ම කණ්ඩායමට ඇතුළත්ව සිටින තිසාලා අල්ගම හා විනෝරි රණසිංහ දෙදෙනාද කොළඹ විශාකා විදුහලෙන් දැල්පන්දු කී‍්‍රඩාවට පිවිසි අය වෙති.
බෲනායි බලා යන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ජානකී ගුණසේකර මහත්මියත්, කළමණාකාරිය ලෙස යමුනා සඳමාලි මහත්මියත්, පුහුණු උපදේශිකාවක් ලෙස ඔලිවියා ගමගේ මහත්මියත්, කණ්ඩායම් ප‍්‍රධානී ලෙස ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මියත්, වෛද්‍ය නිලධාරිනිය ලෙස ශිරෝමී පිලපිටිය මහත්මියත් නම්කරනු ලැබ ඇත.
තරගාවලිය ජුනි 30 වැනිදා සිට ජුලි 8 වැනිදා දක්වා බෲනායි රාජ්‍යයේදී පවත්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 28 වැනිදා දිවයිනෙන් පිටත්ව යති.