කන්නේ සම්බෝලයි බතුයි : ට්‍රැක්ටර් 40 ක් බඩ උඩින් යවයි


පොළොන්නරුවේ ශාන්තිපුර පියුම් ලක්මාල් (26) මිනිත්තු 19 තත්පර 54 කදී රෝද හතරේ ට්‍රැක්ටර 40 ක් තම ඇඟ උඩින් පැදවීමට සැලැස්වීය.

ඔහුගේ අරමුණ ලොව ශක්තිමත් තරුණයන් දහ දෙනා අතරට පැමිණීමයි.

ශාන්තිපුර විදුහල් බිමේ මෙම දස්කම් දැක්වූ තරුණයා කරාටේ ශිල්පියෙකි.

ඔහුගේ ශක්තියේ රහස කුමක්දැයි ඇසූ විට ලක්මාල් පැවසූයේ ‘අමුතු කෑමක් කන්නේ නෑ. අම්මා හදාදෙන පොල් සම්බෝලයි බතුයි කනවා.‘

K.L-Piyum-Lakmal-(26) Karu-News-Pix--(1) Karu-News-Pix--(2) Karu-News-Pix--(4) Karu-News-Pix--(6) Karu-News-Pix--(7) Karu-News-Pix--(10)