කන්නැලිය රක්ෂිතයේ ගින්නක්


කන්නැලිය රක්ෂිතයට අයත් පන්විල හේන ප්‍රදේශයේ අද රාත්‍රී ඇතිවූ ගින්නක් නිසා අක්කර අටකට වඩා ප්‍රදේශයක් ගිනිගෙන දැවී ඇතැයි උඩුගම පොලිසිය පවසයි.

අද රාත්‍රී   10 වනවිටත් පොලිසිය සහ ගම්මානයේ ප්‍රදේශ වාසීන් එක්ව ගින්න මද පැවැත්වීමට ක්‍රියාකරමින් සිටියහ.

මෙම ගින්න නිසා පවුල් 200 කට ආසන්න පිරිසක් පානීය ජලය සපයා ගන්නා මාර්ගයකටද දැඩි හානි සිදුව ඇත.