කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී ප‍්‍රබලතම කණ්ඩායමක් වන මහනුවර ති‍්‍රත්ව විදුහල පරදවා ලකුණු 24-07 ක් ලෙස පෙරළිකාර ජයක් ලබාගැනීමට බොරැුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ.
එම ජයග‍්‍රහණයත් සමග ඔවුන් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීම සඳහා අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි අතර එහිදී ඔවුන් කොළඹ ශාන්ත පීතර විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඉසිපතන විදුහල නිතරගයෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එයට හේතුව වූයේ ඔවුන්ගේ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිව සිටි අනෙක් කණ්ඩායම වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තරගාවලියට සහභාගී නොවීමයි.
ඉරිදා (17 වැනිදා) පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් තරග වදින ආකාරය
කුසලාන ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)
- මහනුවර ධර්මරාජ විදුහල සමගින් කොළඹ රාජකීය විදුහල
- කොළඹ ශාන්ත පීතර විදුහල සමගින් සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල
- ඞී. එස්. සේනානායක විදුහල සමගින් කොළඹ ඉසිපතන විදුහල
- කොළඹ නාලන්දා විදුහල සමගින් සහ මහනුවර කිංස්වුඞ් විදුහල
බඳුන ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)
- කොළඹ වෙස්ලි විදුහල සමගින් කොළඹ මහානාම විදුහල
- කොළඹ ලූම්බිණී විදුහල සමගින් මහනුවර ති‍්‍රත්ව විදුහල
- පිලියන්දල මධ්‍ය විදුහල
- මොරටුව වේල්ස් කුමර විදුහල
පළිහ ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)
- කොළඹ ආනන්ද විදුහල සමගින් පානදුර රාජකීය විදුහල
- කුරුණෑගල මලියදේව විදුහල සමගින් පන්නිපිටිය ධර්මපාල විදුහල
- මහනුවර ශාන්ත සිලිවෙස්ටර් විදුහල
- ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල
ඡයාරූප: ශානුක අරවින්ද
සී. ඩබ්. ඩබ් කන්නන්ගර විදුහල සහ ති‍්‍රත්ව විදුහල අතර තරගයේ අවස්ථාවක්...
කිංග්ස්වුඩ් විදුහලේ කී‍්‍රඩකයකුගෙන් පන්දුව යොමුකිරීමක්...
කන්නංගර විදුහලේ හුකර් කී‍්‍රඩකයකු පන්දුව ලබාගනිද්දී...
ලුම්බිණි විදුහලේ කී‍්‍රඩකයකුට ශාන්ත පීතර විදුහලේ කී‍්‍රඩකයකුගෙන් වෙට්ටුවක්...
කිංග්ස්වුඩ් විදුහල සහ වෙල්ස්කුමර විදුහල අතර තරගයේ අවස්ථාවක්...