කන්න බැරි කෑම කඩුවෙලින් අහුවෙයි


කඩුවෙල නගරයේ ආපනශාලා 46ක් පරීක්‍ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිභෝජනයට නුසුදුසු පිසූ ආහාර කිලෝ 35.5ක් විනාශ කළ අතර බේකරි නිෂ්පාදන රැසක්ද ඒ අතර විය.

ඒවායේ තිබූ ශ‍්‍රීතකරණ දෙකකට සීල් තැබූ අතර අමු කජු කිලෝ දෙකහමාරක් සහ අර්තාපල් කිලෝ විසිඅටහහාමාරක් ද විනාශ කළ නුසුදුසු ආහාර ද්‍රව්‍ය අතර තිබූ බව ඔවුහු කියති.