කන්දෙන් කෑල්ලක් බදුල්ල පාරේ


බදුල්ල - කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල උඩ විහාරගල ගල්පර්වතයකින් කොටසක් ගැලවී එම මාර්ගයට වැටීමෙන් එක් මංතීරුවක  ගමනා ගමනය ඇන හිටි බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. කිසිවකුටත් හානියක් සිදුව නැතැයි කියන පොලිසිය ගමනා ගමනය එක් මංතිරුවක සිදු වෙතිය ද පවසයි.