කන්දක් විළිලා මී පැටවකු වදයි
නොපළ කළ යුද අපරාධ මැයෙන් බි‍්‍රතාන්‍යයේ ”චැනල් ෆෝර් ” රූපවාහිනිය ජිනිවාහි මානව හිමිකම් කමිටුව අරමුණු කර ගනිමින් නිකුත් කළ දෙවැනි චිත‍්‍රපටය අලූත් දෙයක් නොව පැරණි චිත‍්‍රපයට වෙන නමකින් හා වෙන හඬකින් ඉදිරිපත් කිරීමකියි යුරෝපයේ බොහෝ දෙනෙක් කියති
එය නැරැඹූ බොහෝ දෙනා බි‍්‍රතාන්‍ය ආයතතනය ඒකපාක්‍ෂිකව ශ්‍රී ලංකාවට පහර දෙන්නේ ඇයි දැයි අසති.මේ චිත‍්‍රපටය සඳහා ශ්‍රී ලංකාවෙන් අඩුගණනේ වීඩියෝ 1500ක් පමණ ඔවුනට දී ඇති බවත් ඇතැම් සිංහලයන්ද, මාධ්‍යවේදීන්ද ඒ අතර සිටින බවත් කියති.
එම චිත‍්‍රපටයේ සත්‍යතාවය ගැන සහතිකයක් දිය නොහැකි යයි ඇමෙරිකාවත් පවසයි. බටහිර ශේෂවී සිටින කොටි සාමාජිකයන් මේ චිත‍්‍රපටය නිපැදවීම හා ප‍්‍රදර්ශනය පිටුපස සිටිති. කෙසේ වෙතත් එය කන්දක් විළිලා මී පැටවකු බිහිකිරීමක් බවද එහෙත් අන්තර් ජාතික ප‍්‍රජාව හා මාධ්‍ය ආයතන දිනා ගැනීමට ශ්‍රී ලංකාව මීට වඩා උපායශීලිව හා රාජ්‍ය තාන්ති‍්‍රකව කි‍්‍රයා නොකළහොත් රටට වන අපකීර්තිය නැතිකිරීමට රට අභ්‍යන්තර උද්ඝෝෂණ පැවැත්වීමෙන් එතරම් පලක් නොවන බවද යුරෝපයේ කීපදෙනෙක් කියති.

