මහනුවර ජනප්‍රිය පිරිමි පාසල් දෙකක් ලෙස සැලකෙන ධර්මරාජ සහ කිංස්වූඩ් විද්‍යාලවල එංගලන්තයේ ජීවත් වන ආදී සිසුන් ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මෙවරත් මැයි මස 24 වෙනි සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.
සෙනසුරාදා පස්වරු 1.00ට තරගය ඇරඹෙන අතර මෙවර මහා බ්‍රිතාන්‍යයේ ධර්මරාජ විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සංගමය සත්කාරකත්වය දරයි.
ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟ අතරින් ප්‍රමුඛ තරගයක් බවට පත්ව ඇති ධර්මරාජ කිංග්ස්වූඩ් ක්‍රිකට් තරගය මේ වනවිට එකසිය අට වතාවක් පවත්වා ඇති අතර එංගලන්තයේදී මෙය සංවිධානය වන්නේ තුන්වැනි වරට බව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ආසිරි බණ්ඩාර පැවසීය.
ලන්ඩන් නුවරදී මෙතෙක් පැවැත්වූ තරඟ දෙකෙන් දෙපිලම එක් තරඟය බැගින් ජයග්‍රහණය හිමි කරගෙන තිබීම විශේෂත්වයක් වන අතර මෙවර තරඟය ජය ගැනීමට දෙපිලම කරට කර තරඟයක් දීමට මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවද ඔහු කිවේය.
මැයි මස යෙදෙන දීර්ඝ සති අන්තයේදී මෙම තරගය පැවැත්වෙන නිසාවෙන් වෙනදාට වඩා බොහෝ පිරිසක් සහභාගි වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වෙති. විශේෂයෙන් ධර්මරාජ හෝ කිංග්ස්වූඩ් පාසල් දෙකට අයත් නොවන ඕනෑම අයෙකුට තරඟය නැරඹීම සඳහා සහභාගි විය හැකි අතර ඒ සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ.
වැඩි විස්තර 07751671460 හෝ 07910493016 අංකයන්ට කථා කිරීමෙන් ලබා ගත හැකියි.

