කන්තලේ ප්‍රදේශයේ ජනවාර්ගික සමගිය තවත් තහවුරු කැර ගැනීමට මහා සංඝරත්නය හා ස්ලාමීය මව්ලවිවරු කන්තලේ පොලීසියේ රැස්වීමකදී සමගි සම්මුතියකට පැමිණියහ.
බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
කන්තලේ වෙළුන්නා රජමහා විහාරාධිපති යටවර පුඤ්ඤරතන උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමියෝ ද කන්තලේ ජමියාතුල් උලමා සභාවේ සභාපති ඉන්සාද් මව්ලවි තුමාද පොලීසිය හා යුද හමුදා නියෝජිතයෝ ද සාකච්ඡාවට පැමිණි අය අතර වුහ.

