මාස තුනක් ඇතුළතදී කන්තලේ වැවේ වාන් දොරටු අද පස්වැනි වරටත් විවෘත විය.
එහි මුළු ධාරිතාව අක්කර අඩි එක්ලක්‍ෂ දාහතර දාහකි. අද උදේ වන විට අක්කර අඩි එක්ලක්‍ෂ දොලොස්දාස් පන්සියයක් වී යැයි ද, ආරක්‍ෂක පියවරක් ලෙස වාන්දොරටු විවෘත කළ බවද වාරි ඉංජිනේරු ඩබ්ලිව්.එම්. නිපුණ බුද්ධික මහතා කීය.