ගංවතුරෙන් හා නියඟයෙන් පිට පිටම කන්න තුනක දී කුඹුරු අක්කර 3750ක් පාඩු වීයැයි ද, වන්දි වශයෙන් අක්කරයකට රුපියල් විසි දහස බැගින් ගෙවන ලෙස ද ඉල්ලමින් කන්තලේ ගොවියෝ තුන්සියයක් පමණ අද උද්ඝෝෂණයක් කළහ.
සිංහල , දෙමළ හා මුස්ලිම් ගොවියන්ගෙන් සමන්විත කන්තලේ ගොවි එකමුතුව මෙම උද්ඝෝෂණය කළේය.





