කුලී වැඩ කරමින් දරු පවුලක් ජීවත් කරවන පුද්ගලයකුගෙන් ආදායම් වාර්තා ඉල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එවා තිබේ.
දින 14ක් ඇතුළත පිළිතුරු යැවීමට අපොහොසත් වුවහොත් රුපියල් 50,000ක දඩ ගෙවිය යුතු බවද ලිපියේ සඳහන් වේ.
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ සහකාර කොමසාරිස් ජී එල් පී විමලරත්න මහතාගේ අත්සනින් මෙම ලිපිය එවා ඇත්තේ කන්තලේ යුනිටි 14 අංක 62 ලිපිනයේ පදිංචි ඒ ජී පුංචිබණ්ඩා මහතා වෙතය.
පුංචිබණ්ඩා මහතාගේ රැකියාව කුලී වැඩ බව සඳහන් කරමින් වසමේ ග්‍රාම නිලධරයා සහ කන්තලේ ප්‍රාදේශීය ලේකම් ඔහුට පිලියක් දී ඇත.
විශ්ව විද්‍යාලයයට තේරී පත්ව සිටින ඔහුගේ දරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම සහතිකය නිකුත් කර ඇත.
තමාට ඇති මුළු බූදලයම පාපැදියක් සහ එළ වැස්සියන් දෙදෙනකු පමණක් බව පුංචි බණ්ඩා පවසයි.
මේ සියල්ල විකුණා දැමුවත් දඩ මුදල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බව සඳහන් කරමින් ඔහු 23 වැනිදා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇත.