මත භේදයකට තුඩු දී ඇති කන්ටේනර් දෙක රේගු හා සුරාබදු නිලධාරින් ඉදිරියේ තොටළඟ පිහිටි ග්‍රේ ලයින් 2 රේගු නිවාරණ අංශයේ දී අද විවෘත කෙළේය. අයිතිකරු පැමිණ නොසිටියේය. සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ බෝදරගම මහතා පැවැසුයේ බඳුන්වල ඇත්තේ එතනෝල් මධ්‍යසාර ලීටර් 62000ක් ඇති බවට සියයට 95 විශ්වාස බවත් එය සැකහැර දැන ගැනීමට රජයේ රස පරීක්ෂකට යවන බවත් ඔහු කීවේය. ඒවා අසුරා ඇති බඳුන් වල එහි අඩංගුදේ ගැන සඳහනක් නොතිබීම රේගු රෙගුලාසි උල්ලංඝනය කිරිමක් බව ඔහු කීවේය. මෙම කන්ටේනර් රේගුවෙන් මුදා හැර තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.