කන්ටේනර් සිද්ධිය පස්සේ මහා මොළකරුවෝ කීප දෙනෙක්


( සුජිත් හේවාජුලිගේ සහ  මංජුල මහික වීරරත්න)


කන්ටේනර්  323 ක්  පිට කිරීමේ සිද්ධිය පිටිපස මහා මොළකරුවන් කිහිප දෙනෙකු සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. මෙම කන්ටේනර් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය ගත් පියවර කුමක්දැයි  ඔහු ප්‍රශ්න කළේය.