කන්ටේනරයේ තිබූ කුඩු තොගය රුපියල් කෝටි 250 ක්


ඔරුගොඩවත්තේදී කන්ටේනරයක තිබී සොයාගත් හෙරොයින් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 250 ක් බව ශ්‍රී ලංක රේගුව පවසයි. ග්‍රීස් ටින් තොගයක අසුරා තිබියදී සොයාගත් මෙම කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 250 ක් බව ද රේගු ආදයම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කියයි.