කන්කසන්තුරේ තැපැල් දුම්රිය ගැන දැනුම් දීමක්


(මහින්ද නිශ්ශංක)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සවස 6.55 ට මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත දුම්රිය ස්ථානවල නතර කර කොටුව දුම්රිය ස්ථානයට ළඟාවී රාත්‍රී 8.00 කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.