ශබ්ද දූෂණය ඇතිකරන වාහන නළා පරීක්ෂා කරන අවස්ථාවේම ඉවත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ජාතික පාරිසරික පනත යටතේ අංක 1737/37 දරණ ගැසට් නිවේදනය අනුව වාහන නළා ශබ්දය සඳහා ප්‍රමිතිය පනවා ඇතත් රියදුරන් එම ප්‍රමිතිගත මට්ටම් අභිභවා නළා නාදකරන බව පෙනී යන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා කියයි.

