කනංකේ පාලම රාත්‍රි 10 ට වහයි


අද (10) රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා  කොළඹ දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ පාලම වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. පාලමේ අලුත්වැඩියාවක් සඳහා  මෙම පියවර ගැනේ. කොළඹට  යන වාහන අකුරැස්ස , වැලිගම ඔස්සේ හෝ කනංකේ හන්දියෙන් හැරි කොක්මාදුවේන් දක්ෂිණ අධිවේගී මාර්ගයට  පිවිසිය හැකිය. කොළඹ සිට අකුරැස්ස හා දෙනියාය දෙසට යන වාහන ගාල්ල දෙවට  මන්සන්ධීයෙන් වැලිගම හෝ මාතර  ඔස්සේ ගමන් කළ හැකිය.

DSC_1051[1] DSC_1052[1] DSC_1054[1]