කදපොල එළවළු ජලයෙන් යටවෙයි


(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් විනාශයට පත්ව ඇත.

කඳපොල ප්‍රදේශයට ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලීමෙන් එළවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වූ බව ගොවිහු පවසති.

ඇළ මාර්ගය පිටාර ගැලීම නිසා නුවරඑලිය කඳපොල ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.