කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය ඉන්දිරා ජයසුරිය මහත්මිය පිළිකා රෝගයෙන් මියයාම නිමිති කරගෙන ‘පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමැතුම් සේවය‘ මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/බී ස්ථානයේ දී අද (27) ආරම්භ කැරිණි.
කථානායකවරයා සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, ඉන්දිරා මහත්මියගේ සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
පිළිකා හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වූ අය සම්බන්ධයෙන් 0112363211 අංකයෙන් දැනුවත් කිරීම ද පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාර සේවය ද පිළිකා වැළඳුණු දරුවන් වෙනුවෙන් ළමා සත්කාරකත්වය ලබාදීම ද මෙම පිළිකා සරණ භාරයෙන් බලාපොරොත්තුවේ.





