(අංජුල මහික වීරරත්න)
සැබෑ මානව සංවර්ධනයක් සිදුවනුයේ සාමය, සාධාරණත්වය හා අන්‍යෝන්‍ය සුහදතාවයක් පවතින සමාජයක පමණක් යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නත්තල් පණිවිඩයෙන් කියයි.
පොදු යහපතට බාධා කරන පුහු විෂමතාවයන් අමතක කර දමා සාමය, එකමුතුකම හා සමගි සන්ධානය ඇති කිරීමේ නියෝජිතයන් වීම සඳහා කැපවෙමු යැයි ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ නත්තල් පණිවිඩයේ දැක්වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ. වින්ස්ටන් එස් . ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ රදගුරු සම්මේලනයේ මහ ලේකම් ඩී. වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර තිබෙන නත්තල් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.