කතිකාවත බුද්ධ නීතියට පිටින් බෑ


ථෙරවාදී බෞද්ධ කතිකාවතක් ගෙන ආ යුත්තේ සියලූ නිකායන්ට හා පාර්ශවයන්ට අයත් භික්‍ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමෙන්පසුව බවත් එය හදිසියේ නොකළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමියෝ පැවසූහ.

මෙවැනි පනතක් අවශ්‍ය වුවත් එය කළ යුත්තේ මහා සංඝයාගේ අනුමැතියෙන් බවත් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් නීති පැනවීම ගිහියන් විසින් නොකළ යුතු බවත් විමලරතන හිමියෝ සඳහන් කළහ.

බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව කී උන්වහන්සේ ථෙරවාදී බෞද්ධ කතිකාවත් බුද්ධ නීතියට අනුකූලවිය යුතු බවත් ඒ හිමියෝ කීහ.

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (28)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයින් වන හැඩිගල්ලේ විමලසාර හිමියෝ සහ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස් දැක්වූහ.

IMG_6799 IMG_6808 IMG_6814 IMG_6826 IMG_6828 IMG_6832