කතානායකට විරෝධය පා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව යති


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

 

ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදෙන ලදයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින්  සමගි  ජන බලවේගය  ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්  මීට ස්වල්ප මොහොතකට පෙර  පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  පිටව ගියහ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කාලය නොදී ඒකාධිපතිවරයකු ලෙස හැසිරීම නිසා ඊට විරෝධය පළ කරමින් සභාගර්භයෙන් මෙසේ පිටව ගිය බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දවස පුරාම සභා ගර්භයට නොපැමිණෙන බව ඔහු සඳහන් කළේය.