තරිඳු ජයවර්ධන
කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග කියයි.
වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කර ඇත්තේ රාගම පදිංචි ජී ඒ එම් ඒ සිරිවර්ධන නම් 45 හැවිරිදි පුද්ලලයකු බව පොලිසිය සඳහන් කරයි.
හැන්සාඩ් වාර්තා ව්‍යාජ ලෙස වෙනස් කළැයි කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව වංචා විමර්ශන අංශය සඳහන් කරයි.

