
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ආසියා පැසිෆික් සහ ඇමරිකානු කලාපීය අධ්‍යක්ෂ මැතිව් හෙජස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සංජේ විග්නරාජා මහතාද සහභාගිවූහ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සමීපව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා කටයුතු සඳහා ලබා දෙන දායකත්වය මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය.
ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙමගින් හැකිවී ඇති බව පැවසූ කථානායකවරයා මෙම සහයෝගයට සිය කෘතවේදීත්වය පළකරන බවත් ඉදිරියේදීත් එම සහය තවදුරටත් අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

