කත්‍රිනා නිතරම සල්මාන්ගේ ගෙදර යනවාලු


2016-10-08-ent-21

මීට වසර කිහිපයකට පෙර පෙම්වතුන්ව සිටි සල්මාන් ඛාන් හා කත්‍රිනා කයිෆ් වර්තමානයේ හොඳ මිතුරන් බවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඉදිරියේදී රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත කබීර් ඛාන්ගේ ‘එක්තා ටයිගර්’ දෙවැනි චිත්‍රපටය වූ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ සල්මාන් හා කත්‍රිනා නැවතත් රංගනයෙන් එක්වෙන නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇය මෙසේ සල්මාන්ගේ නිවස යන එන බව සඳහන් වෙනවා.

සල්මාන් මේ වනවිට රුමේනියානු ජාතික ලුලියා වැන්තර් සමගින් විවාහ වීමට සූදානමින් සිටින අතර, ඇයද මුම්බායිහි සල්මාන්ගේ නිවසේ නිතරම වෙසෙන බවද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, කත්‍රිනා, සල්මාන්ගේ නිවසට එන විට ඇය පිළිගැනීමට පැමිණෙන්නේ ලුලියා බවද සඳහන්.

 

2016-10-08-ent-23
2016-10-08-ent-22