"ජග්ගා ජසූස්" චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර් සමගින් මොරොක්කෝවේ සිට ලන්ඩන් නගරයට ගිය බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් දැන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව කත්‍රිනා කයිෆ් පවසන්නීය. එනම් තමා නැවත මුම්බායි නගරයට පැමිණීමට ප්‍රමාද වූයේ තම පවුලේ අය සමග යම් කාලයක් ගත කිරීමට අදහස් කළ නිසාවෙන් බවයි ඇය පවසන්නේ. කෙසේවෙතත් ඇය "කාර්" රෝහලට ගිය බැවින් මෙම පුවත් විකෘති වී පළ වී ඇති බව සඳහන් කරන ඇගේ කළමනාකාරවරයා වැඩිදුරටත් පවසන්නේ ඇය එම රෝහලට පැමිණ ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු කිහිපයකට මිසක අසනීපයකට ප්‍රතිකාර ගැනීමට නොවන බවයි.
කත්‍රිනා කයිෆ්ට අසනීපයක් නැතිලු
Recommended Articles