කත්‍රිනා, සල්මාන් කරන් එක්ක


2016-11-25-ent-15

කරන් ජෝහර් මෙහෙයවන ‘කොෆි විත් කරන්’ වැඩසටහන සඳහා එක්වීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙනවා. එහෙත්, කරන් මේ වැඩසටහන සඳහා සල්මාන්ගේ වර්තමාන පෙම්වතිය වන ලුලියා වැන්තර්ට ආරාධනා නොකර ඔහුගේ පැරණි පෙම්වතිය කත්‍රිනා කයිෆ්ට ආරාධනා කර තිබෙනවා.

මේ දිනවල කරන් මෙසේ කත්‍රිනාටද සල්මාන් සමග පැමිණීමට කළ ආරාධනාව පිළිබඳව බොලිවුඩයේ වැඩි දෙනෙකු අතර, කතා බහක් ඇතිව තිබෙනවා. එමෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි සඳහාද මෙය හොඳ මාතෘකාවක්ද වී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ස්ථිර එකඟතාවක් සල්මාන් මෙන්ම කත්‍රිනාද පළ කර නැතිමුත් කරන් ජෝහර් පවසන්නේ ඉදිරි ‘කොෆි විත් කරන්’ වැඩසටහනක් සඳහා මොවුන් දෙදෙනා අනිවාර්යයෙන්ම එක්වෙනු ඇති බවයි.