කතරගමට භූතයෙක් ඇවිත් : කටෙත් අවි - මල්ලෙත් අවි


දෙවියන්ගේ ආයුධ ලෙස සැලකෙන කෙටේරිය, ත්‍රිශූලය, වේලායුධය කතරගමට අරුමයක් නොවූවත් පොරවක්, යකඩ බටයක් හා උල් ආයුධයක් මල්ලක දමාගෙන සැරිසරන පුද්ගලයෙක් මෑතක සිට කතරගම සැරිසරතියි වන්දනාකරුවෝ කියති.

ඔහු ළඟ ඇති ආයුධවලට වඩා ඔහුගේ මුවින් පිටවෙන පරුෂ වචන ඉතා සැර බව ඔවුහු කියති. මොහු ඉවත් කිරීමට උත්සාහ කළ ආරක්ෂක අංශවලටද පහරදීමට තැත් කළැයි රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂක අංශ ආරංචි කියයි.

මෙම පුද්ගලයාට නිසි ප්‍රතිකාර සඳහා පියවර ගත යුතු බව කතරගම දේවාලයේ පරිපාලන ලේකම් අනුරුද්ධ ඒකනායක මහතා කියයි.

1-(2)_ikf

img_8743