කතරගම සා මුවන්ටත් පළතුරු


කතරගම වන්දනාකරුවන්ට බත් දන්සලක්ද, වඳුරන් හා රිලවුන්ට පළතුරු දන්සලක්ද දැන් පැවැත්වේ. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතාගේ යෝජනාවක් අනුව ‍දේවාල භූමියේ මේ දන්සල කි‍්‍රයාත්මක වේ.

පසුගියදා කතරගම පුද බිම වැඳ පුදා ගැනීමට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් වෙනුවෙන් උදෑසන හා දිවා ආහාර මෙම බත් දන්සලෙන් සැපයිණි.

දේවාලයට ලැබුණු අති විශාල පළතුරු ද අපතේ නොයවමින් දේවාල භූමියේ සැරිසරන වඳුරන් රිළවුන් වැනි සතුන්ට කෑමට දෙන ලෙස කුමාරගේ මහතා උපදෙස් දී ඇත.

රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණ තිස්ස හිමියන් පැවසුවේ  බස්නායක නිළමේවරයා පැමිණිමෙන් පසු රුපියල් කෝටි 02 ක් පමණ වැය කර ඉදිකළ ගොඩනැගිල්ල දේවාල භූමියේ විවිධ වැඩසටහන් පැවැත්විමටත් වන්දනාකරුවන්ට පහසුකම් රැසක් ලබා දීමටත් යොදාගන්නා බවයි.

‘මම දේවාලයේ මුදල් කිසිදු පෞද්ගලික දෙයකට ගන්නේ නැහැ. දෙවියන් වෙනුවෙන් ලැබෙන මුදල් වන්දනාකරුවන්ගේ හා දේවාලයේ සුබ සිද්ධිය පතා වැය කර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ උපදෙස් අනුව දේවාලය ඉන්දියාවේ තිරුපති පුද බිම මෙන් සංවර්ධනය කරනවා‘ යැයි කුමාරගේ මහතා පැවසිය.

monkey_20151227 monkey_20151227-2 monkey_20151227-3 monkey_20151227-4 monkey_20151227-5