(සුමතිපාල දීයගහගේ)
කතරගම දේවාලය වැඳ පුදා ගැනිමට යමින් සිටි වන්දනාකරුවන් පිරිසකට දේවාලයට පිවිසෙන මාර්ගයේ පිහිටි අංක දෙක පාලම අසලදී බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිමින් දෙදෙනෙක් සහ කාන්තාවන් සිව් දෙනෙක් කතරගම රෝහලට ඇතුලුකර ඇත. මෙම වන්දනාකරුවන් පිරිස කතරගම පදිංචිකරුවන් බවද වාර්තාවේ. කතරගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.