කතරගම ලස්සන කරයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කතරගම පූජා භූමිය අවට පොලිතීන්, හිස් වතුර බෝතල් ඉවත් කර වනයෙන් වැසී ඇති මාර්ග එළි පෙහෙළි කැරිණි.

වන්දනාකරුවන්ගේ සිත් ගන්නා පරිදි පරිසරය සකස් කරන ලෙස කතරගම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

මේ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් මත කතරගම මූලස්ථාන අණ දෙන නිලධාරී එස්.එස්.විජේතිලක එම කාර්ය අරඹා ඇත.