කතරගම මහා පිරිස්


අලුත් අවුරුදු දා සිට අද වන විට කතරගමට අඩු ගණනේ තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් වන්දනාවේ එන්නට ඇතැයි බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.  විශ්‍රාම ශාලා පිරි ඉතිරි ගොස් ඇතැම්  වන්දනාකරුවෝ වාහනවල ද, ගස් යට ද දෙටගමුව වැව අසල ද  රැය පහන් කළහ. කතරගම දෙවොල දිවා රාත්‍රියේ විවෘත කැර ඇත.