කතරගම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ


කතරගම මෑතදී දක්නට නොලැබුණු තරමේ මහා සෙනගක් අදත් (25) පැමිණ සිටියහ. අද  ලක්ෂ 5 කට අධික පිරිසක් සිටි බව වාර්තා වේ. අද උදේ 7 සිට ප.ව 1 පමණ වන විට කතරගම සිට සෙල්ලකතරගම පාරේ දැඩි වාහන තදබදයක් පැවතියේය. මහා දේවාලයට බාරහාර ඔප්පු කිරීම සඳහා පැමිණි වන්දනා කරුවන්ගේ පෝලම බෙහෙවින්ම දික් වී තිබිණි. වන්දනා කරුවන් බොහෝ දෙනෙකු පැවසුවේ පැය තුන හතරක්ම මහා දේවාල පූජා වට්ටි පෝලිමේ සිටිමට සිදු වූ බවයි. කිරි වෙහෙරෙ මහා දේවාල බිම,වැඩිහිටි කන්ද හා සෙල්ල කතරගම අතුරු සිදුරු නැතිව පිරී තිබිණී.

කතරගමට පිවිසෙන හැම මාර්ගයකම කි.මී 10ක් 15 ක් පමණ දිග පෝලිම් දක්නට ලැබුණි. කතරගම නවාතැන් ලබා ගත නොහැකි වූ බොහෝ පිරිස් තිස්සමහාරාම, හම්බන්තොට, බුත්තල, වීරවිල වැනි ඈත ප්‍රදේශවලට ගිය බව දැනගන්නට ඇත.

කතරගම වාහන තදබදය කෙතරම්ද කිවහොත් වාහනයක් ගාල් කිරීමට තැනක් සොයගෙත නොහැකි විය. ආහාර හිඟයක්ද ඇති විය. දින කිහිපයක සිට දිවා රෑ දෙකෙහිම මහා දේවාලය විවෘතව තැබෙන බවත් ලබන 31 දක්වා වන්දනා කරුවන් කතරගම රැඳී සිටන බව පෙනෙන බවත් බස්නායක නිලමේ ඩී. පී කුමාරගේ මහතා පවසයි. 1 2 3 4 5 7 9 11 C-_Users_dld_Pictures_New-folder-(3)_8