කතරගම ආප්ප කඩකරුවෝ මාධ්‍යයට පොල් ගසති


කතරගම වෙළඳුන් ආප්යක් රුපියල් 50 ට හා ප්ලේන්ටියක් රුපියල් 40ට විකුණූ බවට මාධ්‍ය කළ ප්‍රචාරය නිසා කතරගමට අපහාසයක් වූ බව කියමින් අද (7) කතරගම නගරයේ ආප්පකඩ හිමියෝ හා නගරවාසීහු පිරිසක් කතරගම දේවාලයට පැමිණ පොල්ගසා මාධ්‍යයට සාප කළහ.

පොල් රැගෙන විරෝධතා පවත්වමින් පැමිණි මොවුහු මාධ්‍ය කතරගම අභිමානය වැනසූ බවත් එම ප්‍රවෘත්තිය නිසා කතරගම වෙළඳුන්ට දැඩි පීඩනයක් ඇතිවූ බවත් කියමින් පොල් ගැසූහ.

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රුක්ෂාන් උඩවත්ත හා නගරයේ වෙළඳුන් පිරිසක් එම වැඩසටහන සංවිධානය කර තිබිණි.

katharagama_160107 katharagama_160107.jpg(1) katharagama_160107.jpg(2) katharagama_160107.jpg(3)