කතක් නුවර කෝච්චියේ පැටලේ


( තිලකරත්න දිසානායක)

කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනයවෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියකට ගණේමුල්ල දුම්රිය ස්ථානය අසලදී කාන්තාවක් ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

අද උදෑසන 7.30 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී ඒ ඔස්සේ ගමන් කිරීමේදී ඇගේ සාරිය දුම්රියෙහි පැටලී ඇදී ගිය බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.