සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබුණු රුපියල් පන් ලක්ෂයෙන් ඉඩමක් ගැනීමට දේව බැල්ම ලබා ගැනීමට පූජාවක් කරද්දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඇගේ සල්ලි මල්ල පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.
බණ්ඩාරගම කිඳෙල්පිටියේ මෙම කාන්තාවට පත්තිනි මෑණියන්ගේ බැල්ම ඇතැයි කියති.
පූජව සඳහා ඇය යා යුතු ස්ථානය කියා ඇත්තේ පාමංකඩ කපුවකු බව ද, රුපියල් දස දහසක් වියදම් වූ බව ද ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මුදල් රැගෙන ගෙදරින් පිට විය යුතු වේලාව ද කපුවා විසින් ඇයට දන්වා ඇත.

