(ගයාන් සූරියආරච්චි)
කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අසුන්ගෙන සිට පිරිසක් අතරින් සැකකරුවන් රදවා තිබූ සිර කූඩුව දෙසට දුම්කොළ පාර්සලයක් විසි කළ කාන්තාවක අද (9) අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක කාන්තාවකි.
සැකකාර කාන්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අසුන්ගෙන සිට එකවරම සැකකරුවන් රදවා තිබූ සිර කූඩුව දෙසට කිසියම් පාර්සලයක් විසි කර අසුනෙන් නැගිට අධිකරණ භූමියෙන් එළියට යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් පැමිණ සැකකාර කාන්තාවට අධිකරණ භූමියෙන් ඉවතට යාමට ඉඩ නොදී රදවාගෙන සිටි බව පොලිසිය කියයි.
පසුව සැකකාර කාන්තාව විසි කළ පාර්සලය පිළිබදව සොයා බැලීමේදී එම පාර්සලයේ දුම්කොළ 22ක් තිබී ඇති බව අනාවරණයවීමෙන් අනතුරුව ඒ පිළිබදව පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරිය දැනුවත් කර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් කාන්තාව අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මැද කොළඹ දිස්ත්‍රික් II සහකාර පොලිස් අධිකාරී දිල්රුක් මහතා ගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.