ගාල්ල මාතර මාර්ගයේ වල්ගම නතර කැර ඇති රථයක බල්ලන් පිරිවරාගත් කාන්තාවක් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියත්මක වූ පොලීසියට ඇය පිරික්සීමට නොහැකිව සිටියි.
පොලීසිය රථය අසළට එනවිට එම කාන්තාව රථයේ වීදුරු අරින බවත් එවිට බල්ලන් හත් දෙනකු එළියට හිස දමා කඩා පැනීමට තැත් කරන බවත් ගැමියෝ කියති.
පොලීසිය පවසන්නේ ගැමියන් එම වාහනයේ රෝදවල හුලං ඉවත්කැර ඇති බැවින් රථය එතැනින් ඉවතට ගැනීමට ද නොහැකි බවයි.
(ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්)