පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි.
ගලේවෙල පදිංචි ආර් ඒ රණසිංහ (41) මෙසේ මිය ගොස් ඇත.
කාන්තාවක් පමණක් සිටින මෙම නිවසේ මුරුකරු ලෙස සේවයට පැමිණ දින පහක් වන අතර නිවැසි කාන්තාව පොලීසියට කියා ඇත්තේ රාත්‍රී 10.30 ට පමණ බල්ලන් බුරන සද්දයක් ඇසුණු බවයි.

