ජාතික කණිෂ්ඨ වුෂූ තරගාවලිය මැයි මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තු ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී තාවුලූ හා සන්දා යන අංශ දෙකින්ම වයස් කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වේ.
මෙය ආසියානු කණිෂ්ඨ තාරගාවලියේ තේරීම් තරගාවලියක් වශයෙන්ද සැලකෙන අතර තරගාවලිය අවසානයේ තෝරාගනු ලබන කණ්ඩායම අගෝස්තු මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන 7 වැනි ආසියානු කණිෂ්ඨ තාරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියේදී කී‍්‍රඩකයන් වෙනුවෙන් බර පංති 8 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80) යටතේද, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් බර පංති 4 ක් ( කි. ග‍්‍රෑ. 48, 52, 56, 60) යටතේද තරග පැවැත්වේ.
අයදුම්පත් භාරගැනීම අපේ‍්‍රල් මස 25 වැනිදා අවසන් වන අතර තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය තරගකරුවන්ට සහ තරගකාරියන් සිය අයැදුම්පත් මහ ලේකම්, ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය, 63 එපිටමුල්ල පාර, පිටකෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ යුතුය.
(*)