උඩහමුල්ල කනත්ත පාරේ විශ්‍රාමික කර්නල් ඝාමිණි ජයරත්න මහතාගේ බිරිය අබිරහස් ලෙස මරා දැමූ බව කියන පුද්ගලයා සොයා පොලිස් විශේෂ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ඇරැඹීය.
සතියක් පමණ නිවසේ නතර වී සිටි බව කියන පුද්ගලයකු එම ඝාතනය ගැන වැදගත් තොරතුරු දනිතියි පොලීසිය සිතයි.
එහෙත් පොලීසියට කිසිදු තොරතුරක්, හෝඩුවක් ලැබී නැත.
මේ ගැන සුළු හෝ තොරතුරක් දන්නේ නම් පහත සඳහන් පොලිස් නිලධාරීන් අමතන ලෙසත්, තොරතුරු දන්වන අයගේ අනන්‍යතාවය කිසි ලෙසකින්වත් හෙළි නොකරන බවත් පොලීසිය කියයි.
මිරිහාන පොලීසියේ මූලස්ථාන පරීක්ෂක රොහාන් රාජපක්ෂ මහතාට (071 860 86 45) හෝ අපරාධ අංශයේ ස්ථානාධිපති රෝෂාන් අනුරුද්ධ මහතාට (071 83 28 722) හෝ දැනුම් දිය හැකිය.