කඩුවෙල නගර සභාවේ රියැදුරකුට තියුණු අයුදයකින් පහර දී තුවාල කිරීමට විරෝධය පා එහි සේවකයෝ අද අතුරුගිරිය මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වාහා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. උද්ඝෝෂණයට එක් වූ ඔවුහු මාර්ගය අසල ටයර් ද පිළිස්සූහ.



